Posts

එයා !

Image
 මම යුනිවර්සිටි යන කාලේ එයා තමයි අපේ ඩෙපියුටි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට්. පෝස්ට් ග්රජුවෙට් කෝඩිනේටර්. අපි ෆස්ට් ඉයර් එකේදි වැඩ කළේ ඩිපාර්ට්මන්ට් එකේ කොමන් වර්ක් ස්ටේෂන් එකේ. ඒක විසාල ශාලාවක්. රවුම් මේසයි, පුටුයි හෝල් එක පුරාම තියලා තැනින් තැන පැන්ට්‍රි කබඩ් තියන හරි ලස්සන අවකාශයක්. ඒකෙ බිත්ති උසම උසයි. තද ඝනකම විදුරු වලින් හදපු. ලොකු දොරවල් තුනක් එක පේළියට තිබුණා. අපි මැද්දේ දොර වහල තිබ්බේ. ඒ ශාලාවේ උඩ තට්ටුවේ තමයි ෆැකල්ටි ආචාර්ය මණ්ඩලයේ කියුබිකල් තිබුණේ. එයා දවසට එක පාරක් තුන්වෙනි තට්ටුවේ එයාගේ ඔෆිස් එකේ ඉඳන් දෙවෙනි තට්ටුවට බහිනවා. මුලිම්ම පේන්නේ එයාගේ රැළි රැළි කොන්ඩේ. ඊට පස්සේ උරහිස්. පපුව. අන්තිමේ සම්පුර්ණයෙම්ම එයා දකිනවා හරියට කන්දක් උඩින් ඉර පායනවා වගේ.   එයා ආමීර්ඛාන්, සල්මන් ඛාන්, සයිෆ් අලිඛාන් එකතු කරලා අඹපු විචිත්‍ර ප්‍රතිමාවක් වගේ. එයා ඇතුළෙ නොහිටියේ ශාරුක් ඛාන්. එයා විහිළුවට, කතාවට බර කෙනෙක් නෙමේ. හෙනම සීරියස්. හෙනම ප්රෝෆෙසෝරියල්. මුළු මහාද්වීපෙම ඇකඩමික් එයා විසින් දරාගෙන ඉන්නවා වගේ තමයි එයා හැසිරුණේ.  එයා තුන්වෙනි තට්ටුවේ පඩිපෙළ බැහැල කොමන් වර්ක් ස්ටේෂන් එකට එනවා. පිටිපස්සේ

බේබි !

Image
බේබි එක්ක මගේ ජීවිතේට ලැබුනෙ පැකේජ් එකක්. අම්ම, තාත්ත සහ බේබි ඉන්න කම්ප්ලීට් කොම්බෝ එකක්.  සිරිමාවෝ එකේ දොළහ වසරේ බයෝ නෙලුම් පංතියට අලුතින් ඇතුල් වුණු කෙල්ලෝ දහයක් විතර හිටියා. ඒකෙන් එකෙක් මම, තව එකෙක් බේබි. ඒ ඉස්කෝලෙට ඇතුළත් වෙලා මාසයක් හමාරක් යනකල් මට බේබි ගැන මතයක් නෑ. එයා ගැන තියන පළමු මතකේ, අපේ බයෝ නෙලුම් පන්තියේ පිටිපස්ස පේළියේ ලොකු බත් එකක් දිගෑරෙනවා සහ ඒක කන්න ගයාත්‍රි සේනාධිපති මට එන්න කියනවා. අන්න ඒ ලොකු බත්මුල බැඳගෙන ඇවිත් තිබුනේ බේබි. ඇත්තටම බේබි යි මමයි එකතු කරපු බන්ධනය තමයි "බත්". අපි එතකොට විජේරාමේ බෝඩිමක ඉඳන් ඉස්කෝලෙ එන්නේ. ඒ ජීවිතේ තිබ්බ අඩුපාඩු අතරේ බඩට දැනුනු ලොකුම අඩුව "බත්". බෝඩිමේ ඇන්ටි උදේට, දවල්ට සහ රෑට පාට පාට ප්ලාස්ටික් පිඟන් වලට උන්දැම බෙදල දෙන ව්‍යංජන ඒ දෙන ප්‍රමාණ වලින් කනවා මිස ඊට වඩා යමක් ඒ ජීවිතේ තිබුණෙ නෑ. ඇඟපතින් සහ මනසින් පට්ටම ඇක්ටිව් අවුරුදු දාහතක කෙල්ලෙකුට හැරෙන්නත් මදි බත්පතක් ඒක. ඒ කාලෙ තමයි අපේ බයෝ නෙලුම් පන්තියේ පිටිපස්ස පේළියේ ලොකු බත් එකක් දිගෑරගෙන බේබි කන්න පටන් ගන්නේ. ඉතිං කෑම නිසාම තමයි බේබි මගේ යාලුවා වෙන්නේ.  ඔය අතරේ

චිරන්තිකා තමයි "අම්මා" !

Image
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා කියල සංගීත් විජේසූරිය කියද්දි ඒ සිංදුවෙ එන අම්ම තමයි "චිරන්තිකා". අපි ඒ ලෙවල් කරන්න සිරිමාවෝ එකේ දොළහ බයෝ නෙලුම් පංතියෙ වාඩි උනාම අපිට පේලි දෙකක් ඉස්සරහින් හිටියෙ එයා. එයාව මම ඊට කලින් දන්නවා. මොකෝ එයා ටීවී එකේ ඉන්නවා. වැසිවසිනා අහස අපී එකේ ලක්මිණි උඩවත්ත ඇරුණම දෙවැනියට වැඩිම අවදානයක් ගියපු වෝකලිස්ට් එයා. ඉස්සර නිදහස් දින ජාතික උස්සවයේ ජනාධිපතිතුමා කොඩිය උස්සද්දී ලානිල්පාට ළමා සාරි අඳින සිරිමාවෝ ටීම් එකේ බාහුං සහස්ස මභිනිම් කියන්නත් එයා ඉන්නවා. එයා තමයි සෙක්ෂන් එකේ සිලිබ් ‍ රිටි. මං ඉතිං ඒ ලතා මංගේෂ්කාර් ගේ පේළියට පේලි දෙකක් පස්සේ වාඩිවෙලා හිටියෙ. එයා අපට නම දැම්මේ "ගෝල්-බෝම්බ්" ය කියල. හැබැයි එයාට බද්දේගම නෑදෑයෝ හිටියා, කමක් නෑ .දුකක් නෑ. යම් හේතුවක් නිසා මම වෙනම සංධානයක් හදාගෙන යොශානියි ශර්මිලයි එක්ක එකතු උනාම මාට පුළුවන් වෙනවා හරියටම එයාගේ පිටිපස්සෙ පේලියට එන්න. ඊට පස්සෙ ඉඳල මං ඉතිං ඒ ලතා මංගේෂ්කාර් ගේ පේළියට පේලියක් පස්සේ වාඩිවෙලා හිටියෙ. එතකොට එයා පස්ස හැරෙනවා නිතරම මට බයින්න. "කෑ ගහන්න එපා. වැඩක් නැත්තම් පොතක්

පපුවේ හිලක් නිසා අතහැරුණු කල් හෝ නා හෝ ප්‍රේමය !

Image
  මේක වෙන්නේ දෙදාස් පහ අවුරුද්දේ. මම සෙකන්ඩ් ඉයර් යුනිවර්සිටි එකේ. පත්තරේ තිබ්බ දැන්වීමකට අනුව ඇප්ලයි කරලා තේරුණා ඒ කලේ තිබ්බ ලොකුම තරුණ දේශපාලන ප්‍රෝග්‍රෑම් එකකට. දවස් හයක් කොළඹ බීඑම්අයිසීඑච් එකේ තිබ්බ නේවාසික වැඩමුළුවක්. ඒක ඉවරවෙලා අපි කණ්ඩායම් වලට බෙදුනා දිස්ත්‍රික්ක අනුව. ඒ දවස්වල ගාල්ලෙ උණ තිබ්බෙ නෑ, මම අයිති වුණේ කොළඹ කණ්ඩායමට. ඒ කාලේ හැටියට විජේරාමෙන් හරි මහරගමින් හරි චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්න උනත් තිබ්බ. එච්චරට ප්‍රසිද්දිය.  මම අන්තිම දවසෙ කොළඹ කණ්ඩායමට වාඩිවෙන්න යද්දී ගාල්ලේ එකේ නායක අයියා මට පණිවිඩයක් එවල තිබ්බ. ගිහින් මුණ ගැහුනාම මිනිහ ඉන්නවා තව පොඩි පොඩි වුන් පහක් හයක් එක්ක. "ඔයා ගාල්ලේ නේ, මෙන්න මේකට එන්න" කිව්වා.මට අකමැත්තෙන් උනත් කොළඹ ලොකු සීන් එක අතෑරලා ගාල්ලේ බේබි කණ්ඩායමට සෙට් වෙන්න වුණා. අපි ඊට සතියකට දෙකකට පස්සෙ ගාල්ලෙ ඉෂාරා ඉපලවත්තලගේ හොටෙල් එකේ "ගෙට්" එකකුත් දාගත්ත. ඉෂාරලාගේ ගෙට් එකෙන් පස්සෙ ඊළඟ මාසේ "ගෙට්" එක නායකයාගේ ගෙදර.ඊට පස්සෙ කන්නෙලියේ. මම නං කන්නෙලියේ ගියේ නෑ.  අපි ඉතින් ගාල්ල හදන්න, ගාල්ලේ STEM එඩියුකේෂන් ප්‍රචලිත කරන්න ව