පපුවේ හිලක් නිසා අතහැරුණු කල් හෝ නා හෝ ප්‍රේමය !

 


මේක වෙන්නේ දෙදාස් පහ අවුරුද්දේ. මම සෙකන්ඩ් ඉයර් යුනිවර්සිටි එකේ. පත්තරේ තිබ්බ දැන්වීමකට අනුව ඇප්ලයි කරලා තේරුණා ඒ කලේ තිබ්බ ලොකුම තරුණ දේශපාලන ප්‍රෝග්‍රෑම් එකකට. දවස් හයක් කොළඹ බීඑම්අයිසීඑච් එකේ තිබ්බ නේවාසික වැඩමුළුවක්. ඒක ඉවරවෙලා අපි කණ්ඩායම් වලට බෙදුනා දිස්ත්‍රික්ක අනුව. ඒ දවස්වල ගාල්ලෙ උණ තිබ්බෙ නෑ, මම අයිති වුණේ කොළඹ කණ්ඩායමට. ඒ කාලේ හැටියට විජේරාමෙන් හරි මහරගමින් හරි චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්න උනත් තිබ්බ. එච්චරට ප්‍රසිද්දිය. 

මම අන්තිම දවසෙ කොළඹ කණ්ඩායමට වාඩිවෙන්න යද්දී ගාල්ලේ එකේ නායක අයියා මට පණිවිඩයක් එවල තිබ්බ. ගිහින් මුණ ගැහුනාම මිනිහ ඉන්නවා තව පොඩි පොඩි වුන් පහක් හයක් එක්ක. "ඔයා ගාල්ලේ නේ, මෙන්න මේකට එන්න" කිව්වා.මට අකමැත්තෙන් උනත් කොළඹ ලොකු සීන් එක අතෑරලා ගාල්ලේ බේබි කණ්ඩායමට සෙට් වෙන්න වුණා. අපි ඊට සතියකට දෙකකට පස්සෙ ගාල්ලෙ ඉෂාරා ඉපලවත්තලගේ හොටෙල් එකේ "ගෙට්" එකකුත් දාගත්ත. ඉෂාරලාගේ ගෙට් එකෙන් පස්සෙ ඊළඟ මාසේ "ගෙට්" එක නායකයාගේ ගෙදර.ඊට පස්සෙ කන්නෙලියේ. මම නං කන්නෙලියේ ගියේ නෑ. 
අපි ඉතින් ගාල්ල හදන්න, ගාල්ලේ STEM එඩියුකේෂන් ප්‍රචලිත කරන්න වැඩ පිළිවෙලක් හැදුවා. ඇත්තටම ඒක ලියල ටයිප් කරලා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් විදියට හැදුවා. ඔය අතර මම උදේ කැම්පස් යනවා. හවස පත්තරේ වැඩ. පත්තරේ ප්‍රෙස් උදේ තියනකොට මට කැම්පස් වැඩ මගෑරුනා. ඒ එහෙම මගෑරෙන්න ගිය එක වැඩක් තමා කුරුළු ඉන්වෙන්ට්‍රිය. මොකක්ද කැලේක ඉන්න කුරුල්ලන් ගැන එසයින්ට්මන්ට් එකක් කරලා බාර දෙන්න තිබ්බ, පින්තූර එක්ක. මට ඕක ඉවර කරගන්න වෙලාව නෑ. මම හිටියේ ග්‍රෑන්ඩ්පාස් ලක්බිම ඔෆිස් එකේ. නිව්ස් එකක් ලියනවා හෝ ලාස්ට් මිනිට් පත්තර පිටුව දාන්න ෆීචර් එකක් ලියනවා වෙන්න ඇති. ඒ අතර මට කතා කරනවා යූත් පාර්ලිමන්ට් එකේ ගාල්ලේ නායකයා. මිනිහ මට මොනවා කීවද මතක නෑ, නමුත් මම මිනිහට කියන්න ඇත්තේ කුරුළු ඉන්වෙන්ට්‍රිය ගැන. මට කිව්වා "ඕක මම කරලා දෙන්නම්, හෙට උදේ පහට කොටුව ස්ටේෂන් එකට එන්න ඒක ගන්න" කියල. එතකොටත් වෙලාව රෑ අට විතර ඇති. 
මම පාන්දර එකට බෝඩිමට ගිහින්, ඒ ගැම්මටම උදේ පහට කොටුවේ ස්ටේෂන් එකට ගියාම රාගම කෝච්චියෙන් බැහැල ඇවිත් මගේ අතට කුරුළු ඉන්වෙන්ට්‍රිය දීලා අනික් පැත්තට දිව්වා ගාල්ලේ නායකයා. අන්න ඒ මොහොතෙ තමයි චිත්‍රපටියේ පළවෙනි සින්දුව ප්ලේ වෙන්නේ. 




මට ඒ එසයින්මන්ට් එකට "ඒ" එකක් ආවා. ඒක සීඩී එකක දාල සබ්මිට් කරන තිබ්බ කුරුළු විස්තර එකතුවක්. මම ඒක කරන්න හිතපු විදියට වඩා හාත්පසින් වෙනස්, සහ අලංකාර නේචර් ෆොටෝග්‍රෆි එක්ක හොඳ විද්‍යාත්මක විග්‍රහයක් සහිතව කරපු ඉතාම ප්‍රොෆෙෂනල් වැඩක්. අන්න එදායින් පස්සේ මම කතා කරලා ස්තුති කරද්දී අපි එකඟ වුනා ඊළඟ සතියෙ තියන බී එම් අයි සී එච් බුක් එක්සිබිෂන් එකට යන්න. මම මගේ පෙම්වතාට කතා කරලා කිව්වා අපි බුක් එක්සිබිෂන් යනවාය, මට පොත් ගන්න සල්ලි එවන්නය කියල. එතකොට එයා හිටියේ මඩකලපුවේ. ඒ එක්සිබිෂන් එකට එයාට එන්න වුණේ නෑ. ඊට අවුරුදු දෙකකට කලින් බී එම් අයි සී එච් බුක් එක්සිබිෂන් ගිහින් මම "එයාව" ගෙදර අරන් ආවට පස්සෙ අපි ආයේ ඒකට ගියෙත් එක පාරද කොහෙද. 

හරි. මේ කියන 2005 අවුරුද්දෙ, මමයි ගාල්ලෙ නායකයයි බී එම් අයි සී එච් බුක් එක්සිබිෂන් එකට ගියා. අපි පොත් ගත්ත. මිනිහ මට තව මොනවාද මොනවාද අරන් දුන්නා. ඊට පස්සෙ කතා කර කර කොළඹ කැම්පස් එක හරියට එද්දී මිනිහා මට කිව්වා "අයි වෝන්ටු ටෙල් යූ සම්තින්" කියල. මම දන්නෑ ඒ වාක්‍යයෙන් පස්සෙ කොච්චර වෙලාවක් ගියාද කියල. යම් මොහොතක මම කොට්ටාව-පිටකොටුව එකසිය තිස් අටක නගින්න කලින් තුම්මුල්ලේ සළුසලේ සුදු සමාධි ප්‍රතිමාව ඉස්සරහ එයා කිව්වා "අයි ලව් යූ" කියල. ඒක කියන්න නුසුදුසුම තැනකදී ඒක කියන්න නුසුදුසුම කෙනාට එයා එහෙම කිව්වා. 
ගෑනුන්ගේ ජිවිත වල ඉන්නවා පෙම්වතාත් නොවන, යාළුවාත් නොවන, කසාද බඳින්නත් නොයන, නමුත් මේ උපකුලක තුනටම කොහෙන්හරි ගෑවෙන මිනිහෙක් හෝ දෙන්නෙක්. අන්න ඒ තැනට කවුරුහරි ඇවිත් වැදුනම ඒක "ඇණයක්". ඒ ඇණේ තමයි එයා. නමුත් එයාට මම ගැන පැහැදිලි අදහසක් තිබ්බා. එයා කිව්වා මාව බඳින්න ඕනා කියල. හෙන සෘජු ප්‍රකාශ ඒවා. 
ඒ වෙද්දී මම ජීවිතේ බෙදා ගන්න ඕන "හොඳම" මනුස්සයා හොයාගෙන හිටියේ. ඒ මිනිහා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක මේ ජීවිත කාලේ ඇතුළත මගේ ජීවිතේ බෙදා ගන්න බෑ. ඒකත් සෘජු තීරණයක්. උසද, මහතද පෙනුමද කතාවද විලාසිතාවද සියල්ල සපුරාගෙන ආපු මිනිහා ඉන්නකොට, පෙම්වතාත් නොවන, යාළුවාත් නොවන, කසාද බඳින්නත් නොයන, නමුත් මේ උපකුලක තුනටම කොහෙන්හරි අයිති වෙන "වෙන මිනිහෙක්" කියන්නෙම "ඇණයක්". හැබැයි ඒක කිසිගානක් නැතුව ගලවල දාන්නම තව මාස තුනක් විතර ගියා. මරදානේ සාම්බාර් එක්ක තෝසේ ඉට්ලි කකා, රෝයල් එක ඉස්සරහ ඩයින්මෝ එකෙන් සබ්මැරීන් කකා, නානගේ නාන් කකා, කොම්පඥඥවීදියේ තඩියාගේ කඩේ බර්ගර් කකා මාස තුනක් ගියා ඇණේ ගලවා ගන්න. ඒ තුන්වෙනි මාසේ වෙද්දී හිටියේ තුම්මුල්ලේ සමාධි පිළිමේ ළඟ අයි ලව් යූ කිව්ව මිනිහ වගේ තුන් ගුණයක යෝධයෙක්. මම තුළ උන්නු යෝධයා ටිකෙන් ටික කුඩා වෙලා, දුර්වල වෙලා, හින්නෙක් විතර වෙලා හිටියා. අන්න ඒ මොහොතේ ජීවිතේ සියලු නපුරුකම් එකතු කරලා මම වෙර දාල කිව්වා "මගේ පපුවේ හිලක්ය" කියල. එහෙම කියල ශාරුක් ඛාන් ප්‍රීති සින්තාව මගෑරලා ගියා. ඒ ගිය දවසේ එයාගේ බෝඩිමේ යාලුවා උත්පල මට කතා කරලා කිව්වා එයා හෙන අප්සට් එකේ ඉන්නේ, නැවත ඔයා ඕක හිතලා බලන්න, යැයි යැයි.
හැබැයි, මම ඒක නැවත හිතුවෙ නෑ. 

ඊට පස්සෙ එයාට මොනවා වුනාද මම දන්නෙ නෑ. ඊට ටික කාලෙකට පස්සෙ මම කසාද බැන්දා. බැංකුවේ රස්සාවකට ගියා. බැංකුවෙන් අස් වුණා. උපාධිය ගත්තා. ආමි එකට ගියා. පශ්චාත් උපාධියක් කරන්න යද්දී, මොනවාද කරන්නේ-කොහොමද කරන්නේ කියන තීරණේ ගද්දි මට එයා මතක් වුණා. මම එයාව අඳුන ගන්නකොට එයා පශ්චාත් උපාධියට ජල කළමනාකරණය ඉගෙන ගත්තේ. ඊට පස්සේ එයා ආචාර්ය උපාධියට හයිඩ්රෝලොජි-හයිඩ්රෝලික්ස් කළා. මමත් බැරි බැරි ගාතේ ඒවාම කළා. එයා මගේ ෆේස්බුක් ගිණුමට එකතුවුනා 2014දී. එයාගේ හොඳම යාලුවා වෙන මගේ මස්සිනා ලව්වා කන්කෙඳිරි ගාලා මම මයි ඇඩ්කරගත්තේ. එදා ඉඳන් එයා ඒකෙ හිටියා. අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන කෙරුණු ඉතාම සීමිත සංවාද කීපයකට විතරක් ඉංග්‍රීසි භාෂාවෙන් කමෙන්ට් කළා. ඒ වෙද්දී එයා ආචාර්ය උපාධිය ඉවර කරලා ලංකාවට ගිහින්. ලංකාවේ විශ්ව විද්යාලෙක සීනියර් ලෙක්චරර් කෙනෙක්. 

එයා ගිය මඟ ගියපු මම ත් 2017 ලංකාවට ගියා. එහෙම ගිය පළමු සතියෙම එයා ඇහුවා එයාගේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්න කැමතිද කියල. වේකන්සි එක ඕපන් වෙනවා, ඒක ඇඩ්වර්ටයිස් කරනකල් බලන් ඉන්න කියල මට පණිවිඩ එව්වා. ඒවා හරිම කෙටි පණිවිඩ. ආයේ චිත්‍රපටියේ සින්දු යන මොහොත. මම එයාගේ ඩිපාර්ට්මන්ට් එකට යයි. එයා එක්ක STEM රිසර්ච් කරයි. ගෑනුන්ගේ ජිවිත වල ඉන්න පෙම්වතාත් නොවන, යාළුවාත් නොවන, කසාද බඳින්නත් නොයන, නමුත් මේ උපකුලක තුනටම කොහෙන්හරි ගෑවෙන මිනිහෙක් වෙලා එයා ඉඳී. ඔන්න ආයෙත් ඇණේ වදී.
අන්තිම කෙටි පණිවිඩේ ලැබිලා දවස් හතරකින් එයාගේ පින්තූරයක් ෆේස්බුක් තියනවා දැක්කා. ඊට පැය බාගෙකට පස්සෙ මුළු හෝම් පේජ් එකම එයාගේ පින්තුර වලින් වැහුනා. වයස අවුරුදු තිස් හතයි එයා නහරයක් පුපුරලා මැරෙද්දි. මම අවුරුදු දොළහකට පස්සේ ගාලු ගිහින් එයාගේ මූණ බැලුවේ. එයා ගාල්ලේ නායකයා වෙලා අපිව ගෙදර එක්කන් ගිහින්, අම්මට අඳුන්නල දීලා, කෑම කන්න දීලා, මම කෑම කනකන් මගේ ළඟ ට වෙලා ඉඳගෙන හිටි පුටුවේ මම වාඩිවෙලා හිටියේ. එතන ඉස්සරහ ඊට සුමාන දෙකකට කලින් එයාව කසාද බැඳපු එයාගේ බිරිඳ හිටියා. එයා ට ආදරේ කළ මිනිස්සු එතන වැළපෙමින් ඉන්නවා. එතන මාත් ඉන්නවා. 
එහෙමයි මේ කතාවෙන් එයා යන්න ගියේ. අර ඇණේ ආයේ ගහගත්තේ නෑ මම. 
ඒත් මේ කතාවේ පසු වදනක් විදියට ඇවිත් පස්සෙ කාලෙක මට ටින්ටස් ඇණයක් ගැහුවා "චමරි". 

චමරිගේ කතාව 1997:2017

ගාල්ලෙ විද්‍යාලෝක පිරිවණේ O/L ගණනුයි විද්‍යාවටයි පන්තියන කොට පන්තියෙ ඉන්න දක්ෂම කොල්ලෙක්ගෙ ඇස් දෙක චමරිගෙ ඇස් දෙකත් එක්ක කතාකරන්න ගන්නවා ඒ 1997 අවුරඅද්ද .10 වසර.හොස්ටල් එකේ 9වසර වෙනකං හිරවෙලා හිටිය චමරිට ජීවිතේ හුස්ම හිරවෙලා කකුල් පණනැති වෙනවා මේ ඇස් වලින් කතාකරන සෙල්ලමට. අන්තිමට O/L ටියුෂන් ක්ලාස් එකේ අන්තිම දවසෙ ඒ කොල්ලගෙන් love letter එකක් ලැබෙනවා චමරිට. චමරිට ඒකට හා කියල උත්තරයක් දෙන්න බැරිවෙන්නෙ ගෙදරින් චමරිව A/L කරන්න කොළඹ ඉස්කෝලෙකට දාන නිසා.O/L වලින් පස්සෙ A/L පටන් ගන්න ඉස්සර තමාගෙ ප්‍රේමයට හා කියාගන්න බැරිව හිතින් අඩ අඩ කෙල්ලෙක් ගාල්ල දාල කොළඹ එනවා.කොළඹ ඉස්කෝලෙකට.

A/L ඉවරවෙලා කැම්පස් එකේ දෙවෙනි අවුරැද්දෙ ගාල්ලෙ ⁣ගෙදර ඇවිල්ලා කොළඹ යන්න intercity බස් එකට නැගල ඉන්නකොට චමරිට දැනෙනව කවුරැහරි බස්එකෙන් එළියෙ ඉදන්ග එයා දිහා බලං ඉන්න බව.ඒ අහුල ගන්න බැරැව මගහැරැන ප්‍රේමය බව චමරි දකිනවා. හා කියාගන්න බැරිවුන ප්‍රේමය වෙනුවෙන් චමරි කිසිම කොල්ලෙක් ගැන නොහිත වැලපෙමින් කවිලියමින් එයාගෙ ජීවිතයේ A/L අවුරැදු දෙකත් කැම්පස් එකේ අවුරැදු දෙකත් විරහ දුක් විදිමින් ඒ වෙනකොට ගතකරමින් ඉන්නෙ.අවුරැදුම හතරක්.ඒ.2004.එයයි චමරියි එදා කොළඹට ඉනකං බස්එකේ කතාකරමින් එනවා.ජීවිතේ පළවෙනිපාරට. ආදරය ළගටම ඇවිත් කතාකරනවා..... එදා බස් එකෙන් බහිනකොට අවුරැදු 4 විරහව විදිමින් හිතින් පෙම්කරමින් රෑට අඩමින් චමරි හෙව්වෙ මේ පුද්ගලයව නෙවේ නේද කියල චමරිට තේරෙනවා.මම හිතන්නෙ එයාටත් ඒක එහෙමමයි. පේුමය පැත්තකින් තියල එයාල හෙඳම යාලුවො වෙනවා.එයා කැළණිය කැම්පස් එකට චමරි බලන්න එනවා චමරි කොළඹට කැම්පස් එකට ගියා.දෙවනි අවුරැද්දෙදි කැම්පස් කොල්ලෙක් චමරිගෙන් යාලුවෙන්න ඇහුවා.චමරි කිව්වා මම කැමති කොල්ල කොළඹ කැම්පස් ඉන්නෙ කවද හරි ඒක තමයි බදින්නෙ කියල.ඒත් ඒක බැදීමක් ⁣වෙනමගුලක් නෙවේ කියල චමරි දැනං හිටියා.ඒ වෙන මොනවත් කිසා නෙවෙයි එයාට ලොකු හීන තිබුනා චමරිට ඒ වෙනකොට තිබුනෙ එදා දවස යවාගන්නෙ කොහොමද කියන බලාබපාරොත්තුව විතරයි.මේ දෙක හැමදාම ගැටෙන බව චමරි දැනං හිටියා.හැබැයි දුක කියල අඩන්න ,සතුට කියල කෑගහන්න ප්‍රේමය නොවන යාලුවෙකුත් නෙවන අපූරැ කෙනෙක් ජීවිතයේ හිටියා. ඒ එයා.මගහැරැන ප්‍රථම ප්‍රේමය....ඒක අමතක කරන්න බැරි, කාටවත් දෙන්න බැරි එකක්.මම හිතන්නේ එයාටත් ඒක එහෙම වුනා.ජීවිතේ කිසිමදවසක කොල්ලෙක එක්ක යාලුනෙවී චමරිගේ ජීවිතේ ගෙවුණා.2005 එක දවසක එයා කතාකර කර ඉන්න වෙලාවක කියනවා එයා කෙල්ලෙකුට ආදරය කරන බව සහ ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බව.චමරි හිනාවෙලා විහිලු කරල ඇවිත් ඇතිවෙනකං අඩල අඩල තමන්ගෙ පුථම ප්‍රේමය හිතින් අයින් කරගන්නවා කොහොමහරි.ජීනිතේ පළවෙනි වතාවට ප්‍රේමය නිසා ඉරිසියාවක් එයාට දැනෙනවා.ඒත් පුංචි සතුටක් දැනෙනවා "ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා"....😁තමාගෙ කරගන්න ඕන නැති ආදරයක් වුනත් පුථම ප්‍රේමය අත ඇරගන්න චමරිට සෑහෙන්න කලක් යනවා.ඒ අතරට එයා රට යනවා.දෙන්නම ජීවිතේ පඩි නගිනවා. හොඳින් ඉන්නා බව මසකට සැරයක් හරි දන්වනවා.කතාකරනවා.

චමරීගේ පුථම ප්‍රේමය  අත් පත් කරගත් කෙල්ලව චමරි face book එකට ගිහින් හොයනවා. බලල ඇවිත් ඒකිව ඇඩ් කර නොගෙන සෑහෙන කලක් ඉන්නවා. ඒ වුනට හැමදාම වගේ profile එකට ගිහින් කියවනවා..දවසක මේ කෙල්ල චමරිගේ friend කෙනෙක් වෙනවා.එයත් ඉන්නවා.කිසිදෙයක් නොදැන .චමරිත් ඉන්නවා සේරමදැනගෙන. 
චමරි බදිනවා.ළමයි හදනවා.පුථම ප්‍රේමය ඉදල හිටල call කරනවා.එයා බඳින බව කියනවා.අර කෙල්ල නෙවේ නේදැයි චමරි විහිලු කරනවා.එයා නෑ කියනවා.චමරිගෙ ළමයි බලන්න එන බවට එයා පොරොන්දු වෙනවා....එක දවසක් හදිස්සියෙම එයා නැතිවෙලා කියල face book එකේ දකිනවා...චමරිට එයා බලන්න යන්න ලැබෙන්නෑ.
මේ මෑතක තමාගෙ පුථම ප්‍රේමය හිත ගත් කෙල්ල anonymous මැසේජ් එකක් දාල තියනවා "හිතෙන ඕන දෙයක් කියන්න කියලා.....
ඉතිරි කෑල්ල කියන්න ඕන ඉතින් එයා කියයි.




ඉතිරි කෑල්ල.

මම දැනට මාස හත අටකට කලින් ngl පෝස්ට් එකක් දැම්මා. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඇනොනිමස් විදියට කියන්නය කියල. ඒකෙ ආපු එක පෝස්ට් එකක් තමයි මේක. "මම ඔයාට කාලෙකට කලින් ඉරිසියා කළා. ඒ මම ආදරේ කරපු කෙනා ඔයාට ආදරෙයි කිව්වා නිසා. දැන් එයා නෑ. සූදු මේක අපි දෙන්නා අතර විතරයි".
ඉතින් මම අන්තිමේ ෆේස්බුක් එක හරහාම ඉල්ලලා හොයා ගන්නවා මේ මැසේජ් එක එවපු කෙනා. ඒ තමයි "චමරි". අපි ඒ වෙනකල් එක වචනයක් කතා කරලා තිබ්බේ නෑ. 
හැබැයි අපි ඒ මොහොතේ ඉඳලා කතා කරන්න ගත්තා, ජීවිතේ ගැන, ආදරේ ගැන, අපි දෙන්නාට පොදු ජීවිතේ ගැන. දැන් මේ කතාවට අවසානයක් නෑ. ඒකට තියෙන්නේ ගලායාමක්. හරියට, උල්පතකින් මතුවුනු වතුර කඳුරක් ගඟක් වෙලා මුහුදට ගලනවා වගේ ඒක ගලනවා. 

හර් පල් යහාන් ජී භර් ජියෝ, ජෝ හේ සමා කල් හෝ නා හෝ !

නදීෂා චන්ද්‍රසේන 
චමරි ප්‍රියබාශිනි

Comments

  1. ඒක අපූරුයි ❤

    ReplyDelete
  2. Diltho pyagal he

    ReplyDelete
  3. අඩේ ඒක

    ReplyDelete
  4. පිස්සු කීප සැරයක් බම්ප් වුනා...
    තව එකක් ලිව්වොත් බුකියේ ලින්ක් එක දාන්නා...

    මේක මාර ලිවිල්ලක්.... ❤

    ReplyDelete
  5. Is this Tharaka Ariyadasa? :(

    ReplyDelete
  6. අද තමා කල් හෝ න හෝ කතාව සම්පූර්ණ උනේ❤️🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බේබි !

එයා !

චිරන්තිකා තමයි "අම්මා" !